විදුමව් පා මත සිරස නමා
නමුදිමු බැති සිතිනි
රජවක මහ විදුහල් අප මෑණී
සැරදා දිනේ නිතිනි....
මනුදම් ගුණදම් සපිරුණු සිසු හද සිප්කිරි දහරින් ෙපාවා තුටින්
යහ මඟ පෙන්වන ගුරු මව්පිය කැළ පුදනෙමු හදපිරි සුවඳ මලින්
ඉගෙනුම මුල්කර දිවියට හිමි වූ හැදියාවන් හැම දෝත දරන්
පිරිපුන් මිනිසුන් ලෙසින් ලොවට යමු ඔප්නංවා හැම හැකියාවන්
සමනොළ සිරිපා පියුම් පුදා එන මදනල සිසු හද පිනෙන් පිරෙයි
වළෙව් ගං දිය මතු කළ උරුමය දෝතින් අප සිත දිරියයි
විදුමව් සෙවණේ විරියෙන් සවියෙන් තරණය කරනා සිප් සයුරයි
දිනයක ලකඹර විදුමව් නාමය බබළමු පැතුම එයයි
විදුමව් පා මත සිරස නමා
නමුදිමු බැති සිතිනි
රජවක මහ විදුහල් අප මෑණී
සැරදා දිනේ නිතිනි....










