![]() |
![]() |
![]() |
1930 පමණ වකවානුවේදී රජවක ගම්මානයේ පවුල් 40 ක් පමණ වාසය කර ඇත.අදත් මෙහි පරම්පරාවෙන් පැවත එන එච්.ඒ.සෝමාවතී මහත්මියගේ වත්තක තාවකාලික පොල් අතු මඩුවක් තනා ගෙන ගම්වැසියෙකු නොවන පිටින් පැමිණි පින්වතෙකු විසින් තමාගේ සිය කැමැත්තෙන්ම කිසිම වේතනයක් නොලබා 1930 වර්ෂයේදී පාසල පටන් ගෙන පවත්වාගෙන යන ලදී.එවකට ළමුන් 20 ක් පමණ ඉගෙනුම ලබා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් අහිංසක බාල පරම්පරාවේ භාග්‍ය උදා විය.
1933 වර්ෂයේ රජවක ගම්මානයට ඓතිහාසික වර්ෂයක් උදා විය.එනම් 1933 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින රජවක ග්‍රාමයට රජයෙන් පාලනය වන පාසලක් ලැබිමේ වරම ලැබිණි. 1933 මුල් භාගයේදී රජවක ගමේ ම ගුරු මහතෙකු වන ඇම්.වී.නෙත්සෝභන මහතා විදුහල්පති වශයෙන් පත් වී පරණ තානායමක්ව පැවති අදත් පාසලේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිල්ලේම පාසල පවත්වාගෙන ගොස් ඇත













