සබරගමුව පළාතේ රත්නපුර දිසත්‍රික්කයට අයත් බලංගොඩ,රජවක ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. කලාපයේ කීර්තිමත් පාසල් කිහිපය අතරට අප පාසල ද ඇතුලත් වේ.