සබරගමු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
1930 පමණ වකවානුවේදී රජවක ගම්මානයේ පවුල් 40 ක් පමණ වාසය කර ඇත.අදත් මෙහි පරම්පරාවෙන් පැවත එන එච්.ඒ.සෝමාවතී මහත්මියගේ වත්තක තාවකාලික පොල් අතු මඩුවක් තනා ගෙන ගම්වැසියෙකු නොවන පිටින් පැමිණි පින්වතෙකු විසින් තමාගේ සිය කැමැත්තෙන්ම කිසිම වේතනයක් නොලබා 1930 වර්ෂයේදී පාසල පටන් ගෙන පවත්වාගෙන යන ලදී.එවකට ළමුන් 20 ක් පමණ ඉගෙනුම ලබා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් අහිංසක බාල පරම්පරාවේ භාග්‍ය උදා විය.
1933 වර්ෂයේ රජවක ගම්මානයට ඓතිහාසික වර්ෂයක් උදා විය.එනම් 1933 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින රජවක ග්‍රාමයට රජයෙන් පාලනය වන පාසලක් ලැබිමේ වරම ලැබිණි.
1933 මුල් භාගයේදී රජවක ගමේ ම ගුරු මහතෙකු වන ඇම්.වී.නෙත්සෝභන මහතා විදුහල්පති වශයෙන් පත් වී පරණ තානායමක්ව පැවති අදත් පාසලේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිල්ලේම පාසල පවත්වාගෙන ගොස් ඇත.මෙහි විශේෂත්වයක් වන්නේ අවුරුදු දහයේ දොළහේ ළමුන් බාලාංශයේ සිට ඉගෙනුම ලබා තිබීමයි.

එවක සිට මේ වන තෙක් මෙහි මුල් ගුරු පදවි හෙබ වූ සංඛ්‍යාව 17 ක් විය.ඉතිහාසය දෙස බලන විට පාසල දියුණු තත්වයක තිබී නොමැත.ඊට හේතුව වී ඇත්තේ ගම්වාසීන්ගෙන් පාසල දියුණු කිරීමට සහයෝගය නොලැබීමත්,හිටපු මුල් ගුරුවරුන්ට ඔවුන් තර්ජන ගර්ජන ඉදිරිපත් කිරීමත්ය. ඒ බව මුල් ගුරුවරයන් විසින් තබන ලද ලොග් සටහන් වලින් මනාව පැහැදිලි වේ.
එසේම වැඩි අවධානයක් යොමු වී තිබුනේ ගොවිතැනටය.එනම් ඉදිරි පස කෙසෙල් වගාවක්ද ,පැත්තකින් මඤ්ඤොක්කා වගාවක්ද දක්නට ලැබුණි.පාසලේ වත්තට වැටක් මායිමක් නොතිබුණි. පිටු පස විශාල කැළෑවක් විය.එම නිසා විෂ සහිත උරගයින්ගෙන් පාසලට තර්ජන එල්ල විය.
සිසුන්ට අවශ්‍ය තරම් ඩෙස් බංකු නොතිබුණි.ගුරුවරුන් සඳහා මේස පුටු නොතිබුණි.දශකදෙක තුනක් යන විට පන්ති සංඛ්‍යාවක් වැඩි වී තිබුණත් ගුරු සංඛ්‍යාව හා කළු ලෑලි සංඛ්‍යාවේ වැඩි වීමක් නොවුණි.
1933 වර්ෂයේ සිට 1985 වර්ෂය වන විට ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව 42 ක් විය.පන්ති 1 සිට 5 දක්වා පැවතුණි.පන්ති දෙකක් තුනක් එකම ගුරුවරයෙකු ඉගෙනුම් කටයුතු කරවීය.මෙකල පාසල් පරිපාලනයට අදාළ ලිපි ගොනු කිසිවක් නොතිබුණි.ගුරු පෞද්ගලික ලිපි ගොනු තිබී නොමැත.
පාසල ආරම්භ වී දශක කිහිපයක් ගතවී තිබුණද ක්‍රීඩා භාණ්ඩ කිසිවක් නොතිබිණි. විද්‍යා භාණ්ඩ ,පුස්තකාල පොත්ද නොතිබුණි.පාසලට නිල ඇඳුමක් නොතිබීම නිසා ළමුන් විවිධ වර්ණ ඇඳුම් පාසලට ඇන්දහ.පාසල් ගීතයක් ද නොවීය.සිසුන්ට හා ගුරුවරුන්ට යාමට වැසිකිළියක් නොතිබීම නිසා සෞඛ්‍ය පහසුකම්ද නොවීය.
ඉතිහාසය දෙස බලන විට පාසල දියුූණූ තත්වයක නොතිබූණ බව අත්‍යවශ්‍ය පහසුකම් නොලැබීමෙන් පැහැදිලි ෙවී.ඉන්පසුව 1986 වර්ෂයේ සිට මෙම විද්‍යාලයේ දියුණු තත්වයකට පත්වී අඩිතාලම වැටුණු බව පෙනී යයි.එවකට මෙම විදුහලට මුල් ගුරු වශයෙන් සේවයට පැමිණි එම්.ජී.රණසිංහ මහතා ඉතාමත් උනන්දුවෙන් හා ඇප කැප වීමෙන් කටයුතු කර පාසලට නව ජීවයක් ලබා දුනි.
එතෙක් පැවති 5 වන පෙළ හා 8 වන පෙළ තෙක් විහිදී සිසු දරු පරපුරේ කාය බලය වඩනු පිණිස අගනා කෙළි බිමක් සැකසීම හා ක්‍රීඩා උපකරණ ලබා ගැනීමත් විද්‍යාලයේ 05වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වසරක් පාසා පෙන්විමත්,සමත් වන සිසුන්ගේ ප්‍රතිශතය වැඞී කිරීමට කටයුතු කිරීමත් වැදගත් කොට සැලකිය හැකිය.එසේම පාසල් උයන් පියස සවි බලැති වැටක් ඉදි කොට යකඩින් නිම කළ පිවිසුම් දොරටුවක් සවි කිරීමෙන් පාසලේ සුරක්ෂිත භාවය තහවුරු කළ අතර පාසලේ පරිපාලනය විධීමත් කරමින් ලිපි ගොනු පිළිවෙලකට සකස් කිරීම,පාසලට නාම පුවරුවක් සැකසීම,උදය රැස්වීම විධීමත් කර ශාරීරික සුවතා වැඩසටහනක්ද එක් කළහ.සඳුදා දිනය විශේෂ දිනයක් කරමින් උදය රැස්වීම අමතා ගුරුවරුන් හා ළමුන්ට කතා පැවැත්වීමට අවස්ථා ලබා දෙන ලදී.
මෙසේ පාසලට නව ජීවයක් ලබා දුන් මුල් ගුරු එම්.ජී.රණසිංහ මහතා පාසලට අඩුපාඩුවක්ව පැවති පාසල් ගීයක්ද නිර්මාණය කිරීමෙහිලා මුල් තැන ගෙන කටයුතු කළහ.
අධ්‍යාපනය නංවාලීම සඳහා විද්‍යා හා ගණිත ගුරුවරු ලබා ගැනීමත් විද්‍යා උපකරණ ලබා ගැනීමත් විශේෂ සිදුවීම්ය.
ඉන් නොනැවතුන මෙතුමා 1986 වසරේ ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් ගුරු මණ්ඩලය 1990 වසර වන විට 09 නව දෙනෙක් ගැනීමටත් ස්වේච්ඡා ගුරුවරුන් දෙදෙනක් ඇතුළත් කරගැනීමටත් සමත් විය.කළු ලෑලි ඩෙස් පුටු ලබා ගැනීමටත් සිසුන්ගේ පැමිණීම සටහන් කිරීමට පුවරුවක් සැකසීම හා පාසලට ඉදිරියෙන් පැමිණීමට සිමෙන්තියෙන් තැනූ පඩි පෙළක්ද සකස් කරන ලදී.
විවිධ වර්ණ ඇඳුමින් සැරසී පාසලට පැමිණි ළමුන්ගේ අසමානතාව නැති කරමින් සුදු පරෙවිරෑනක් සේ පාසලට පැමිණීමට නිළ ඇඳුමක් හා ටයි පටියක් සැකසීමත් ඉතිහාස ගත වේ.ශිෂ්‍ය නායක නායිකාවන් පන්ති නායක නායිකාවන් පත් කිරීමෙන් සිසුන්ගේ නායක හුරුව ලබා දී මේ සෑම කටයුත්තකදීම ගරු ආචාර්ය මණ්ඩලයේ සහයෝගය උපරිම ලෙස ලබා ගැනීමට එතුමා සමත් විය.බාලදක්ෂ ව්‍යාපාරය පාසල තුළ ඇති කිරීමෙන් ගුණ ගරුක සමාජයක් බිහි කිරීමේ උදාර මෙහෙවරක යෙදුනි.
පාසල හා ගම අතර මනා සම්බන්ධතාවක් ගොඩ නගමින් යෞවන සමාජ හා ආදි ශිෂ්‍ය සංගම් ඇති කිරීම,මුතුහර ළමා සමාජ පවත්වාගෙන යාම ,අවුරුදු උත්සව,වෙසක් උත්සව පාසලේ ඇති කිරීම පොහෝ දිනවල ශීල ව්‍යාපාර ඇති කිරීමත් තරුණ ශ්‍රමය වැඩදායක ලෙස යොදා ගන්නා ලදී.
අනතුරුව අප විදුහල් මාතාවෝ නැවත නව ජීවයක් ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1993 -02-23 වන දින විදුහල්පති තනතුරට පත් එම්.ඩබ්.එල්.එස්.සේනාධීර මහතාගේ මග පෙන්වීම යටතේය.එහෙත් විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පාසල් කොඩිය නිර්මාණය කිරීම,ගුරු සිසු දෙපිරිස් පවස නිවාලනු වස් ජල නල මගක් බිහිවීම මෙකළ සිදු වූ වැදගත් සේවාවෝය.එසේම පාසලට අඩුවක්ව පැවති කාර්යාලය විධිමත් ලෙස සැකසීමත්,ඒ සඳහා අල්මාරි ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමත් ,මෙතෙක් ගුරුවරුන්ට අඩුපාඩුවක්ව පැවති ගුරුපුටු හා මේස ලබා ගැනීමට කටයුතු කිරීමත් වැදගත් වේ.
මෙතුමාගේ කාළය තුළ පාසලේ ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීමක්ද විය.එනම් ප්‍රථම වරට 1995 වසරේ ක්‍රීඩා උත්සවයක් පැවත්වීමත්ය.සිසුන්ගේ අධ්‍යාපනයේදී ඇසීමට වඩා දැක්ම මතකයේ රැඳෙන බව තහවුරු කරමින් අධ්‍යාපන චාරිකාවකට සිසුන් කැඳවාගෙන යාමද ඉතා වැදගත්ය.පුස්තකාලය විධිමත් කර සිසුන්ගේ කියවීමේ අවස්ථාව වැඩි කරලීම ,දිනපතා පුවත්පත් කියවීමේ අවස්ථා සැලසීම,නිර්මාණ පුවරු ,සමිති සමාගම් ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාමත් ,ළමුන්ට ක්‍රමවත්ව ප්‍රගති වාර්තාවක් ලබා දීමත් ,පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගන්නා ගමන් සිසුන්ට පාසල් පරිසරය සැකසීමද මෙකල සිදු විය.
එකළ එක් සිප් හලක් නොවූ සිසුනට අදන නව සිප්හලක්ද ලැබී ඇත.එය මෙතුමාගේ කාලය තුළ සිදු වූ වැදගත් සිදුවීමකි.පාසල ඉදිරිපිට අභිනවයෙන් ඉදි වූ අලංකාර බැම්ම සහිත පිවිසුම් දොරටුව සහ ධජ ස්ථම්භය පාසල් සංවර්ධන සමිතියේ සහ ප්‍රදේශයේ ධානපතියින්ගේ අනුග්‍රහයෙන් මෙතුමාගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ගුරු මණ්ඩලයේ සහයෝගය මත සිදු වූවකි.එමෙන්ම නව බුදු මැදුරක් හා බෝධි ප්‍රාකාරය ඉදි කිරීමද පරිගණක යන්ත්රයන් ලබා ගැනීම, තූර්ය වාදක භාණ්ඩයන් ලබා ගැනීම,ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමද වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා ගැනීමද සිදු විය.සංගීත ගුරු මහත්මියක් ලබා ගැනීමද මෙම කාලය තුළ සිදු විය.සංගීත අංශයේ දියුණුවක් ද සිදු විය.පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක් ද පාසල තුළ බිහි වී ඇත.ප්‍රාථමික අංශය සඳහා බටහිර තූර්ය වාදක කණ්ඩායමක්ද ඇතුළු කිරීමටද මූලික කටයුතු සංවිධානය වී ඇත.එමෙන්ම එතෙක් අටවසර පැවති පන්ති අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උසස් කර ඇත.පාසලේ ඇති සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිසුන් තුළ දැනුම,කුසලතා,ආකල්ප දියුණුවට කටයුතුයෙදීමත්,පාසල් පරිපාලනය කටයුතු විමධ්‍ය කර ගනිමින් පරිපාලන හා කළමනාකරණ කටයුතු සඳහා ගුරු මණ්ඩලය සහභාගි කරගනිමින්,ගුරුමණ්ඩලයේ හොඳ හිත දිනා ගනිමින් ,විධිමත් නව අංග පාසලට එක් කර ගනිමින්, පාසල දියුණු කරලීමේ උදාරතර මෙහෙවරක යෙදී සිටි අතර ඒ සඳහා ගුරු මණ්ඩලයේ නොමද කැප වීමද හේතු විය.විදුහල ආරම්භයේදී සිසු පිරිස 17 කි.අද සංඛ්‍යාව 300 කට ආසන්නය.ප්‍රදේශයේ අනෙකුත් පාසල් දෙස බලන විට මෙම පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල උසස් මට්ටමක පවතින බව නොරහසකි.එම නිසා 1 වසර සිට 11 වසර දක්වා පන්ති වල ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇත.එවකට එක් ඇදුරු මඩුල්ල 17 කි.එකළ එක් සිප් හලකි.මෙකළ නව සිප් හලක්ද ඉදී වී ඇත.පාසල් සංර්ධන සමිතියේ අනුග්‍රහයෙන් 30x20 හා 8x30 පන්ති කාමර 2 ක් දඉදි වී ඇත.කියැන්නෑම් සමාගමේ අනුග්‍රහයෙන් පැවති ක්‍රීඩා පිටිය තව දුරටත් පුළුල් කරන ලදී.
ඉහත සංවර්ධන අවස්ථා ළඟා කර ගැනීම සඳහා නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කළ එම්.ජී.එස්.ජයතිලක මහතා හා ප්‍රාථමික අංශ ප්‍රධානී එ.එච්.එස්.වික්‍රමසිංහ මහතා ඇතුළු ගුරු මණ්ඩලයත් පාසල් සංවර්ධන සමිතියේත් දායකත්වය නොඅඩුව ලැබුණි.
|
ආරම්භ කළ වර්ෂය |
1933 නොවැම්බර් 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඇම්.වී.නෙත්සෝභන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/රජවක විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඇම්.වී.නෙත්සෝභන |
|
පාසල රජයට පවරාගත් දිනය |
1933 නොවැම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පරිහරණය කරන ලද ගම්සභා උසාවි ගොඩනැගිල්ලක්. |
{QF3=5}










