| 1933 මුල් භාගය |
ඇම්.වී. නෙත්සෝබන මහතා |
![]() |
1933 මුල් භාගයේදී රජවක ගමේ ම ගුරු මහතෙකු වන ඇම්.වී.නෙත්සෝභන මහතා විදුහල්පති වශයෙන් පත් වී පරණ තානායමක්ව පැවති අදත් පාසලේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිල්ලේම පාසල පවත්වාගෙන ගොස් ඇත.මෙහි විශේෂත්වයක් වන්නේ අවුරුදු දහයේ දොළහේ ළමුන් බාලාංශයේ සිට ඉගෙනුම ලබා තිබීමයි. |
|
1964 -1968 |
බී.කේ. පුංචි මහත්මයා |
![]() |
වර්ෂ 1964 -1968 කාලෙය් දී විදුහල්පති ලෙස සේවය කරන ලදී. |
|
1986 - 1991 |
එම්.ජී.රණසිංහ මහතා (B.A. ,PGDE, M.Ed.) |
![]() |
1986 වර්ෂයේ සිට මෙම විද්‍යාලයේ දියුණු තත්වයකට පත් වී අඞීතාලම වැටුණු බව පෙනී යයි.එවකට මෙම විදුහලට මුල් ගුරු වශයෙන් සේවයට පැමිණි එම්.ජී.රණසිංහ මහතා ඉතාමත් උනන්දුවෙන් හා ඇප කැප වීමෙන් කටයුතු කර පාසලට නව ජීවයක් ලබා දුනි. |
|
1993- - 2009 |
එම්.ඩබ්.එල්.එස්.සේනාධීර |
![]() |
ක්‍රිස්තු වර්ෂ 1993-02-23 වන දින විදුහල්පති තනතුරට පත් එම්.ඩබ්.එල්.එස්.සේනාධීර මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පාසල් කොඩිය නිර්මාණය කිරීම, පානීය ජලනල මගක් බිහිවීම, පාසලට අඩුවක්ව පැවති කාර්යාලය විධීමත් ලෙස සැකසීම,එය සඳහා අල්මාරි ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම ,මෙතෙක් ගුරුවරුන්ට අඩුපාඩුවක්ව පැවති ගුරු පුටු හා මේස ලබා ගැනීමට කටයුතු කිරීමත් සිදුවිය. මෙතුමාගේ කාළය තුළ ප්‍රථම වරට 1995 වසරේ ක්‍රීඩා උත්සවයක් පැවැත්වීය. |














